එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේලා අමතා මෙසේ වදාළ සේක.
මහණෙනි, ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා දරුණුය. කටුකය. නපුරුය. ඉතා උතුම් වූ නිවන් අවබෝධය සාක්ෂාත් කිරීම පිණිස අන්තරායකාරී වෙයි.
මහණෙනි, සැදැහැති උපාසිකාවක් ප්‍රිය මනාප තම එක ම දුවගෙන් බැගෑපත් ව ඉල්ලන්නේ නම් මෙසේ ඉල්ලිය යුතුය.
“දුවේ, නුඹ ඛුජ්ජුත්තරා හෝ වෙළුකණ්ටකියා නන්දමාතා වගේ වෙයං”.
මහණෙනි, ඛුජ්ජුත්තරා හෝ වෙළුකණ්ටකියා නන්දමාතා යන දෙදෙනා මාගේ ශ්‍රාවිකා උපාසිකාවකගේ මිම්ම වෙයි, ප්‍රමාණය වෙයි.
“දුවේ, නුඹ ගිහි ගෙය අතහැර පැවිදි වේ නම් ඛේමා හෝ උප්පලවණ්ණා තෙරණින් වහන්සේලා වගේ වෙයං” යැයි බැගෑපත් ව ඉල්ලිය යුතුය.
මහණෙනි, ඛේමා හෝ උප්පලවණ්ණා යන දෙදෙනා මාගේ ශ්‍රාවිකා භික්ෂුණියකගේ මිම්ම වෙයි, ප්‍රමාණය වෙයි.
“නොපැමිණි රහත් බව ඇති, සේඛ වූ නුඹ කරා ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා නොපැමිණේවා”
මහණෙනි, නොපැමිණි රහත් බව ඇති, ඒ සේඛ භික්ෂුණිය කරා ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා පැමිණේ නම් එය ඇයට අන්තරායකාරී වෙයි.
මහණෙනි, ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා දරුණුය. කටුකය. නපුරුය. ඉතා උතුම් වූ නිවන් අවබෝධය සාක්ෂාත් කිරීම පිණිස අන්තරායකාරී වෙයි.
මහණෙනි, එම නිසා නුඹලා මෙසේ ම හික්මිය යුතුය.
‘උපන් ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා දුරු කරන්නෙමු. උපන් ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා වලට අපගේ සිත හාත්පසින් මැඩ පැවැත්වීමට ඉඩ නොදෙමු’ යැයි තොප විසින් මෙසේ ම හික්මිය යුතුය.