Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව් වනක් පිරිස සඳහා වූ පොදු කරුණු සහ උපදෙස් /

සියලු දුකෙන් මිදීම පිණිස මූලධර්මය මෙසේ වෙයි

උපස්සුති සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, සංයුත්ත නිකාය 4 - පිටු අංක 190 - 193)

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ නාදික ගමෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ විසින් රහසිගත ව විවේකී ව මේ ධර්ම ක්‍රමය වදාළ සේක.

ඇස ද නිසා රූප ද, උපදිනවා ඇස දැනගැනීම, මේ තුනෙහි එකතුව ස්පර්ශය වෙයි. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වෙයි. වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව වෙයි. තණ්හා ප්‍රත්‍යයෙන් උපාදානය වෙයි. උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි. භව ප්‍රත්‍යයෙන් ජාතිය වෙයි. ජාති ප්‍රත්‍යයෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස වෙයි. මෙසේ සියලු දුක් රැසේ හටගැනීම වෙයි.

කන ද නිසා ශබ්ද ද, උපදිනවා කන දැනගැනීම, මේ තුනෙහි එකතුව ස්පර්ශය වෙයි. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වෙයි. වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව වෙයි. තණ්හා ප්‍රත්‍යයෙන් උපාදානය වෙයි. උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි. භව ප්‍රත්‍යයෙන් ජාතිය වෙයි. ජාති ප්‍රත්‍යයෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස වෙයි. මෙසේ සියලු දුක් රැසේ හටගැනීම වෙයි.

නාසය ද නිසා ගන්ධ ද, උපදිනවා නාසය දැනගැනීම, මේ තුනෙහි එකතුව ස්පර්ශය වෙයි. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වෙයි. වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව වෙයි. තණ්හා ප්‍රත්‍යයෙන් උපාදානය වෙයි. උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි. භව ප්‍රත්‍යයෙන් ජාතිය වෙයි. ජාති ප්‍රත්‍යයෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස වෙයි. මෙසේ සියලු දුක් රැසේ හටගැනීම වෙයි.

දිව ද නිසා රස ද, උපදිනවා දිව දැනගැනීම, මේ තුනෙහි එකතුව ස්පර්ශය වෙයි. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වෙයි. වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව වෙයි. තණ්හා ප්‍රත්‍යයෙන් උපාදානය වෙයි. උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි. භව ප්‍රත්‍යයෙන් ජාතිය වෙයි. ජාති ප්‍රත්‍යයෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස වෙයි. මෙසේ සියලු දුක් රැසේ හටගැනීම වෙයි.

කය ද නිසා පහස ද, උපදිනවා කය දැනගැනීම, මේ තුනෙහි එකතුව ස්පර්ශය වෙයි. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වෙයි. වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව වෙයි. තණ්හා ප්‍රත්‍යයෙන් උපාදානය වෙයි. උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි. භව ප්‍රත්‍යයෙන් ජාතිය වෙයි. ජාති ප්‍රත්‍යයෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස වෙයි. මෙසේ සියලු දුක් රැසේ හටගැනීම වෙයි.

මනස ද නිසා ධර්ම ද, උපදිනවා මනස දැනගැනීම, මේ තුනෙහි එකතුව ස්පර්ශය වෙයි. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වෙයි. වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව වෙයි. තණ්හා ප්‍රත්‍යයෙන් උපාදානය වෙයි. උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි. භව ප්‍රත්‍යයෙන් ජාතිය වෙයි. ජාති ප්‍රත්‍යයෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස වෙයි. මෙසේ සියලු දුක් රැසේ හටගැනීම වෙයි.

මහණෙනි, දුක්ඛ නිරෝධය කවරේ ද යත්,

ඇස ද නිසා රූප ද, උපදිනවා ඇස දැනගැනීම, මේ තුනෙහි එකතුව ස්පර්ශය වෙයි. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වෙයි. වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව වෙයි. ඒ තණ්හාවේ ම නිරවශේෂ (ඉතිරි නැති ව) නොඇලීමෙන්, නිරෝධයෙන් උපාදානය නිරෝධ වෙයි. උපාදාන නිරෝධයෙන් භවය නිරෝධ වෙයි. භව නිරෝධයෙන් ජාතිය නිරෝධ වෙයි. ජාති නිරෝධයෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසයෝ නිරෝධ වෙති. මේ සියලු දුක් රැසේ නිරෝධයයි.

කන ද නිසා ශබ්ද ද, උපදිනවා කන දැනගැනීම, මේ තුනෙහි එකතුව ස්පර්ශය වෙයි. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වෙයි. වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව වෙයි. ඒ තණ්හාවේ ම නිරවශේෂ නොඇලීමෙන්, නිරෝධයෙන් උපාදානය නිරෝධ වෙයි. උපාදාන නිරෝධයෙන් භවය නිරෝධ වෙයි. භව නිරෝධයෙන් ජාතිය නිරෝධ වෙයි. ජාති නිරෝධයෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසයෝ නිරෝධ වෙති. මේ සියලු දුක් රැසේ නිරෝධයයි.

නාසය ද නිසා ගන්ධ ද, උපදිනවා නාසය දැනගැනීම, මේ තුනෙහි එකතුව ස්පර්ශය වෙයි. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වෙයි. වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව වෙයි. ඒ තණ්හාවේ ම නිරවශේෂ නොඇලීමෙන්, නිරෝධයෙන් උපාදානය නිරෝධ වෙයි. උපාදාන නිරෝධයෙන් භවය නිරෝධ වෙයි. භව නිරෝධයෙන් ජාතිය නිරෝධ වෙයි. ජාති නිරෝධයෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසයෝ නිරෝධ වෙති. මේ සියලු දුක් රැසේ නිරෝධයයි.

දිව ද නිසා රස ද, උපදිනවා දිව දැනගැනීම, මේ තුනෙහි එකතුව ස්පර්ශය වෙයි. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වෙයි. වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව වෙයි. ඒ තණ්හාවේ ම නිරවශේෂ නොඇලීමෙන්, නිරෝධයෙන් උපාදානය නිරෝධ වෙයි. උපාදාන නිරෝධයෙන් භවය නිරෝධ වෙයි. භව නිරෝධයෙන් ජාතිය නිරෝධ වෙයි. ජාති නිරෝධයෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසයෝ නිරෝධ වෙති. මේ සියලු දුක් රැසේ නිරෝධයයි.

කය ද නිසා පහස ද, උපදිනවා කය දැනගැනීම, මේ තුනෙහි එකතුව ස්පර්ශය වෙයි. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වෙයි. වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව වෙයි. ඒ තණ්හාවේ ම නිරවශේෂ නොඇලීමෙන්, නිරෝධයෙන් උපාදානය නිරෝධ වෙයි. උපාදාන නිරෝධයෙන් භවය නිරෝධ වෙයි. භව නිරෝධයෙන් ජාතිය නිරෝධ වෙයි. ජාති නිරෝධයෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසයෝ නිරෝධ වෙති. මේ සියලු දුක් රැසේ නිරෝධයයි.

මනස ද නිසා ධර්ම ද, උපදිනවා මනස දැනගැනීම, මේ තුනෙහි එකතුව ස්පර්ශය වෙයි. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වෙයි. වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව වෙයි. ඒ තණ්හාවේ ම නිරවශේෂ නොඇලීමෙන්, නිරෝධයෙන් උපාදානය නිරෝධ වෙයි. උපාදාන නිරෝධයෙන් භවය නිරෝධ වෙයි. භව නිරෝධයෙන් ජාතිය නිරෝධ වෙයි. ජාති නිරෝධයෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසයෝ නිරෝධ වෙති. මේ සියලු දුක් රැසේ නිරෝධයයි.

එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේගේ රහසින් කළ මේ සජ්ඣායනය අසා සිටියේ වෙයි. භාග්‍යවතුන් වහන්සේ ඒ මහණ දැක නුඹට මේ දහම් ක්‍රමය ඇසුනේදැයි ඇසූ සේක.

භාග්‍යවතුන් වහන්ස, එසේය.

මහණ, නුඹ මේ දහම් ක්‍රමය ඉගෙන ගත යුතුය. පුහුණු කළ යුතුය. දැරිය යුතුය. මේ දහම් ක්‍රමය අර්ථයෙන් යුක්ත වෙයි. මෙය සියලු දුකෙන් මිදීම පිණිස මූලධර්මය (මූලික ප්‍රතිපත්තිය, නියමය) වෙයි.


බාගත ​කිරීමට