මහණෙනි, මේ මසුරුකම් පහකි.
කවර පහක් ද යත්;
ආවාස කෙරෙහි මසුරුකම
පවුල් කෙරෙහි මසුරුකම
ලාභ කෙරෙහි මසුරුකම
වර්ණනාවන් කෙරෙහි මසුරුකම සහ
ධර්මය කෙරෙහි මසුරුකම වෙයි.
මේ මසුරුකම් පහෙන් යුතු ආවාසික භික්ෂුව ගෙනවිත් තබන ලද්දකු සෙයින් මරණින් පසු නිරයට යන්නේය.