සම්මා සම්බුදු රජාණන් වහන්සේ එක් දෙව් දුවකගෙන් මෙසේ විමසුවා.
“පින්වත් දෙව් දුව, රත්තරනින් කළ නැවක නැගී පොකුණක නෙළුම් මල් නෙළන ඔබේ විමානය මනස්කාන්තයි. එය කාමර ලෙස බෙදලා තියෙන්නෙ. විශාල මන්දිර සහිතයි. සතර දිග බබළනවා. ඒ වගේ ම ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් සතර දිශාව ම බබළනවා. මේ වගේ සැප ලබන්න මිනිස් ලොව දී ඔබ කළ පින මොකක්ද?”
දෙව් දුව බොහෝ සතුටින් මෙහෙම කිව්වා.
“මම පෙර ආත්මයෙ මනුස්ස දුවක් වෙලා සිටිද්දී පිපාසයෙන් කලන්තෙ හැදිලා හිටිය ස්වාමීන් වහන්සේලාට පැන් පූජා කළා. ඒ පිනෙන් තමයි මට මේ වගේ අලංකාර දිව්‍ය විමානයකුත් මේ වගේ ශරීරයකුත් ලැබුණේ. බුදු රජාණන් වහන්සේ විසින් මාගේ පැන් වැළඳූ සේක් ද ඒ කර්මයේ විපාකයයි මේ".