Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / මෙ කල පරස්පර අර්ථ ඇති ධර්ම කරුණු වල නිවැරදි අර්ථ සහ විග්‍රහ /

විපස්සී බුදු රජාණන් වහන්සේට මස් පූජා කළ වැද්දා
සුගතිගාමී වෙයි නිවන් ද්වාරය ද විවර කර ගනියි

ද්විරතනිය ස්ථවිරාවදානය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, ඛුද්දක නිකාය, අපදානපාළි 1 - පිටු අංක 372 - 373)

එක් වැද්දෙක් විපස්සී බුදු රජාණන් වහන්සේට මස් කැබැල්ලක් පූජා කළා.

ශ්‍රද්ධාවෙන් දුන් ඒ දානය හේතුවෙන් කල්ප අනු එකක් සුගතියේ ම වාසය කළා. මෘදු වූ ශරීරයක් හා සියුම් දෙය අවබෝධ කරගත හැකි නුවණක් ද ලැබුණා. සක්විති රජ පදවිය ද ලද ඔහු අවසාන භවයේ ගෞතම බුදු සසුනේ පැවිදි ව උතුම් රහත් ඵලය ද ලැබුවා.


බාගත ​කිරීමට