Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / මෙ කල පරස්පර අර්ථ ඇති ධර්ම කරුණු වල නිවැරදි අර්ථ සහ විග්‍රහ /

සතුන් මැරූ වැද්දෙක් මස් පූජා කර දෙව්ලොව යයි

සුචින්තිත ස්ථවිරාවදානය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, ඛුද්දක නිකාය, අපදානපාළි 1 - පිටු අංක 202 - 203)

එක් වැද්දෙක් සතුන් මරාගෙන කමින් ජීවත් වුණා. දිනක් ඔහු තිත් මුවෙකුගේ මස් අනුභව කරමින් සිටින විට අත්ථදස්සී බුදු රජාණන් වහන්සේ එතැනට පිඬු සිඟා වැඩියා. අග්‍ර කොටස බුදු රජාණන් වහන්සේට පූජා කර පින් අනුමෝදනාවෙන් සිත ප්‍රීතියට පත් කර ගෙන කඳු මුදුනට ගිය වැද්දා මිය ගියා.

මස් දානයේ විපාකය හා සිතේ ප්‍රාර්ථනාවන් නිසා කල්ප එක්දහස් පන්සියයක් දෙව් ලොව ම වාසය කළා. මිනිස් ලොව සක්විති රජ පදවි දැරුවා. අප බුදු රජාණන් වහන්සේගේ සසුනේ සියලු කෙලෙසුන් නසා සසර ගමන කෙළවර කළා.


බාගත ​කිරීමට