Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / කෙටි දහම් කරුණු /

තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්ම විනය විවෘත වූ විට බබළයි වැසුණු විට නොබබළයි

භරණ්ඩු වර්ගය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 1 - පිටු අංක 510 - 511)

මහණෙනි, මේ කරුණු තුන වැසුණු විට බබළයි, විවෘත වූ විට නොබබළයි.

ඒ කවර තුනක් ද යත්;

කාන්තාව වැසුණු විට බබළයි, නිරුවත් වූ විට නොබබළයි.

බ්‍රාහ්මණයන්ගේ මන්ත්‍ර වැසුණු විට බබළයි, විවෘත වූ විට නොබබළයි.

මිථ්‍යා දෘෂ්ටිය වැසුණු විට බබළයි, විවෘත වූ විට නොබබළයි.

මහණෙනි, මේ කරුණු තුන විවෘත වූ විට බබළයි, වැසුණු විට නොබබළයි.

ඒ කවර තුනක් ද යත්;

සඳ මඬල විවෘත වූ විට බබළයි, වැසුණු විට නොබබළයි.

හිරු මඬල විවෘත වූ විට බබළයි, වැසුණු විට නොබබළයි.

තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්ම විනය විවෘත වූ විට බබළයි, වැසුණු විට නොබබළයි.


බාගත ​කිරීමට