රහතන් වහන්සේ නමක වූ තම පුතා සොයමින් ගිය කෙනෙක් ඒ රහතන් වහන්සේ පිරිනිවන් පෑ බව දැනගෙන එම සෑය වෙත ගියේය. එසේ ගොස් සෑය වැඳ, ඡත්‍ර (දා ගැබක මුදුනේ සාදන ලද ගල් හෝ ලී කුඩ) පූජාවක් ද කළේය.
එහි ආනිසංස ලෙස කල්ප අනූ හතරකට පසු ගෞතම බුදු සසුනේ පැවිදි ව රහත් බව ලබන තුරු කිසි ම දුගතියක ඉපදුණේ නැත. සක්විති රජ පදවිය ද ලැබුණේය.