කරුණු සතකින් යුත් භික්ෂුව
සබ්‍රහ්මචාරීන්ට ප්‍රිය මනාප වෙයි
දෙවැනි පියභික්ඛු සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 4 - පිටු අංක 280 - 281)
කරුණු සතකින් යුත් භික්ෂුව සබ්‍රහ්මචාරීන් (එකට බ්‍රහ්මචරියාවේ හැසිරෙන්නා වූ) වහන්සේලාට ප්‍රිය වෙයි. මනාප වෙයි. ගෞරව කටයුතු වෙයි.
කවර සතකින් ද යත්;
මේ ශාසනයේ භික්ෂුව,
- ලාභ කැමති නොවෙයි.
- ගරු සත්කාර කැමති නොවෙයි.
- යසස් ලැබීමට කැමති නොවෙයි.
- පවට ලජ්ජා ඇති වෙයි.
- පවට බිය ඇති වෙයි.
- ඉරිසියා නැත්තේ ද වෙයි.
- මසුරු නො වූයේ ද වෙයි.
මේ කරුණු සතෙන් යුතු භික්ෂුව සබ්‍රහ්චාරීන් වහන්සේලාට ප්‍රිය වෙයි. මනාප වෙයි. ගෞරව කටයුතු වෙයි.
බාගත කිරීමට 