යම් බලවත් පුරුෂයෙක් තෙලින් මුවහත් කළ තියුණු ආයුධයකින් පපුවට පහර දෙයි නම් එය ද චඩා උතුම්, එසේ නැතහොත් රජ මහාසාරයන්ගේ හෝ බ්‍රාහ්මණ මහාසාරයන්ගේ හෝ ගෘහපති මහාසාරයන්ගේ දොහොත් මුදුන් තබා වැඳීම ඉවසීම ද?
ස්වාමීනි, රජ මහාසාරයන්ගේ හෝ බ්‍රාහ්මණ මහාසාරයන්ගේ හෝ ගෘහපති මහාසාරයන්ගේ දොහොත් මුදුන් තබා වැඳීම උතුම් වෙයි. බලවත් පුරුෂයෙක් තෙලින් මුවහත් කළ තියුණු ආයුධයකින් පපුවට පහර දෙයි නම් එය දුකක් ම ය.
මහණෙනි, මම තොපට ප්‍රකාශ කරමි. කරුණු දක්වා කියමි. දුස්සීල වූ, පාප ධර්ම ඇති, අපිරිසිදු ක්‍රියා ඇති, රහසේ කරන පාප ක්‍රියා ඇති, ශ්‍රමණ යැයි හඟවන අශ්‍රමණ වූ, බ්‍රහ්මචාරී යැයි හඟවන අබ්‍රහ්මචාරී වූ, කෙලෙස් වැගිරෙන ඇතුළත කුණු වූ දුස්සීලයා හට යම් බලවත් පුරුෂයෙක් තෙලින් මුවහත් කළ තියුණු ආයුධයකින් පපුවට පහර දෙයි නම් එය ම උතුම් වෙයි.
ඒ කවර හෙයින් ද යත්;
එය හේතු කොට ගෙන ඔහුට මරණය හෝ ඒ හා සමාන දුකක් වන්නේ ය. නමුත් ඒ හේතුවෙන් කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුර්ගතිය නම් වූ, නපුරු වැටීමක් වූ නිරයට නම් නොපැමිණෙන්නේ ය.
දුස්සීල පාප ධර්ම ඇති, අපිරිසිදු ක්‍රියා ඇති, රහසේ කරන පාප ක්‍රියා ඇති, ශ්‍රමණ යැයි හඟවන අශ්‍රමණ වූ, බ්‍රහ්මචාරී යැයි හඟවන අබ්‍රහ්මචාරී වූ, කෙලෙස් වැගිරෙන ඇතුළත කුණු වූ දුස්සීල මහණ, රජ මහාසාරයන්ගේ හෝ බ්‍රාහ්මණ මහාසාරයන්ගේ හෝ ගෘහපති මහාසාරයන්ගේ දොහොත් මුදුන් තබා වැඳීම ඉවසා ද මෙය ඔහුට බොහෝ කාලයක් අහිත පිණිස දුක් පිණිස පවතින්නේ ය.
මරණින් මතු අපාය නම් වූ දුර්ගතිය නම් වූ නපුරු වැටීමක් වූ නිරයට පැමිණෙන්නේ ය.