ප්‍රධන් වීර්ය වළක්වන චේතෝඛීල ප්‍රහාණයට
සතර සතිපට්ඨානය වඩන්න
චෙතෝඛීල සතිපට්ඨාන සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 5 - පිටු අංක 558 - 559)
මේ චේතෝඛීල (සිතෙහි ඇනෙන උල්) පසෙකි.
කවර පසක් ද යත්;
- මේ සසුනෙහි මහණ ශාස්තෘන් වහන්සේ කෙරෙහි සැක කරයි. විචිකිච්ඡා කරයි. නොඇලෙයි. බැස නොගනියි. නොපහදියි. මෙසේ ශාස්තෘන් වහන්සේ කෙරෙහි සැක කරයි ද, විචිකිච්ඡා කරයි ද, නොඇලේ ද, බැස නොගනී ද, නොපහදී ද, ප්‍රධන් වීර්ය කිරීමට ඔහුගේ සිත නොනැමෙයි.
- යමෙකුගේ සිත කෙලෙස් තවන වීර්යයෙන් යුතු ව කෙලෙස් තැවීමට නොනැමෙන්නා වූ මේ පළමු වන චේතෝඛීලය වෙයි.
- මේ සසුනෙහි මහණ ධර්මය කෙරෙහි සැක කරයි. විචිකිච්ඡා කරයි. නොඇලෙයි. බැස නොගනියි. නොපහදියි. මෙසේ ධර්මය කෙරෙහි සැක කරයි ද, විචිකිච්ඡා කරයි ද, නොඇලේ ද, බැස නොගනී ද, නොපහදී ද, ප්‍රධන් වීර්ය කිරීමට ඔහුගේ සිත නොනැමෙයි.
- යමෙකුගේ සිත කෙලෙස් තවන වීර්යයෙන් යුතු ව කෙලෙස් තැවීමට නොනැමෙන්නා වූ මේ දෙවන චේතෝඛීලය වෙයි.
- මේ සසුනෙහි මහණ සංඝයා කෙරෙහි සැක කරයි. විචිකිච්ඡා කරයි. නොඇලෙයි. බැස නොගනියි. නොපහදියි. මෙසේ සංඝයා කෙරෙහි සැක කරයි ද, විචිකිච්ඡා කරයි ද, නොඇලේ ද, බැස නොගනී ද, නොපහදී ද, ප්‍රධන් වීර්ය කිරීමට ඔහුගේ සිත නොනැමෙයි.
- යමෙකුගේ සිත කෙලෙස් තවන වීර්යයෙන් යුතුව කෙලෙස් තැවීමට නොනැමෙන්නා වූ මේ තෙවන චේතෝඛීලය වෙයි.
- මේ සසුනෙහි මහණ ශික්ෂාව (හික්මීම) කෙරෙහි සැක කරයි. විචිකිච්ඡා කරයි. නොඇලෙයි. බැස නොගනියි. නොපහදියි. මෙසේ ශික්ෂාව කෙරෙහි සැක කරයි ද, විචිකිච්ඡා කරයි ද, නොඇලේ ද, බැස නොගනී ද, නොපහදී ද, ප්‍රධන් වීර්ය කිරීමට ඔහුගේ සිත නොනැමෙයි.
- යමෙකුගේ සිත කෙලෙස් තවන වීර්යයෙන් යුතු ව කෙලෙස් තැවීමට නොනැමෙන්නා වූ මේ සතර වන චේතෝඛීලය වෙයි.
- මේ සසුනෙහි මහණ සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි කිපුණේ වෙයි. නොසතුටු වූයේ වෙයි. ගැටුණු සිතැත්තේ වෙයි. තද ගති ඇත්තේ වෙයි. යම් මහණෙක් සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි කිපුණේ වෙයි ද, නොසතුටු වූයේ වෙයි ද, ගැටුණු සිතැත්තේ වෙයි ද, තද ගති ඇත්තේ වෙයි ද, ප්‍රධන් වීර්ය කිරීමට ඔහුගේ සිත නොනැමෙයි.
- යමෙකුගේ සිත කෙලෙස් තවන වීර්යයෙන් යුතු ව කෙලෙස් තැවීමට නොනැමෙන්නා වූ මේ පස්වන චේතෝඛීලයයි.
මේ පංච චේතෝඛීල ප්‍රහාණය(දුරුකිරීම) පිණිස සතර සතිපට්ඨානය වැඩිය යුතුය.
කවර සතර සතිපට්ඨානයක් ද යත්;
- කායානුපස්සනාව
- කෙලෙස් තවන වීර්යයෙන් සහ මනා සිහි නුවණින් යුතු ව, දැඩි ලෝභය සහ දොම්නස දුරු කොට, කයෙහි කය අනුව බලමින් වාසය කිරීම වෙයි.
- වේදනානුපස්සනාව
- කෙලෙස් තවන වීර්යයෙන් සහ මනා සිහි නුවණින් යුතු ව, දැඩි ලෝභය සහ දොම්නස දුරු කොට, වේදනාවෙහි වේදනාව අනුව බලමින් වාසය කිරීම වෙයි.
- චිත්තානුපස්සනාව
- කෙලෙස් තවන වීර්යයෙන් සහ මනා සිහි නුවණින් යුතු ව, දැඩි ලෝභය සහ දොම්නස දුරු කොට, සිතෙහි සිත අනුව බලමින් වාසය කිරීම වෙයි.
- ධම්මානුපස්සනාව
- කෙලෙස් තවන වීර්යයෙන් සහ මනා සිහි නුවණින් යුතු ව, දැඩි ලෝභය සහ දොම්නස දුරු කොට, දහම්හි දහම් අනුව බලමින් වාසය කිරීම වෙයි.
බාගත කිරීමට 