Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / දුකෙන් මිදීම සඳහා වූ ප්‍රතිපදාව /

නිවන් මග විවර කරගැනීම පිණිස මෙසේ සද්ධර්මය අසන්න

සම්මත්තනියාම සූත්‍ර ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 3 - පිටු අංක 284 - 287)

පහත කරුණුවලින් යුතු ව සද්ධර්මය අසන පුද්ගලයා, කුසල ධර්ම සම්පූර්ණ වී, නිවන් මගට පැමිණීමට සුදුසු වෙයි.

  1. ධර්ම කථාවට පරිභව (නින්දා අපහාස) නොකරයි.
  2. ධර්ම දේශකයාට පරිභව නොකරයි.
  3. තමාට පරිභව නොකරයි.
  4. ජඩ නො වූ කෙළතොලු නොවූ නුවණැත්තෙක් වෙයි.
  5. ‘නොදන්නා ලද්දෙහි නොදනිමි’ යැයි සිත් ඇත්තේ වෙයි.
  6. එකඟ වූ සිතින් යුතු ව, නොවිසුරුනු සිතින් යුතු ව ධර්මය අසයි.
  7. යෝනිසෝමනසිකාරයෙන්(නුවණින් මෙනෙහි කිරීමෙන්) යුතු වෙයි.
  8. ගුණමකු(කළගුණ නො සලකන) නොවූයේ, ගුණ මකු බවින් නොමැඩුණු සිතින් සද්ධර්මය අසයි.
  9. හෙළා නොදකින අදහසින් සිදුරු නොසොයන අදහසින් සද්ධර්මය අසයි.
  10. ධර්ම දේශකයා කෙරෙහි මෛත්‍රී සහගත සිතින් යුතු වෙයි.

මෙම කරුණුවලින් යුතු වූ පුද්ගලයා, සද්ධර්මය අසා කුසල ධර්ම සම්පූර්ණ කර, නිවන් මගට පැමිණීමට සුදුසු වෙයි.


බාගත ​කිරීමට