එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත් පුර නිග්‍රෝධාරාමයේ වැඩ වසන සේක. මහාප්‍රජාපතී ගෝතමිය අලුත් වස්ත්‍ර යුගළක් ගෙන බුදු රජාණන් වහන්සේට වැඳ එකත් පස් ව සිට මෙය සැල කළාය.
“මා විසින් ඔබ වහන්සේ සඳහා ම පිළියෙළ කළ මේ අලුත් වස්ත්‍ර යුගළ, මා කෙරෙහි අනුකම්පා පිණිස පිළිගන්නා සේක්වා”.
“ගෝතමිය, සංඝයාට පූජා කරන්න. එසේ කළ කල්හි මම ද පුදන ලද්දේ වන්නෙමි. සංඝයා ද පුදන ලද්දේය”.
මෙසේ ගෝතමිය නැවත නැවත තුන් වරක් දක්වා පූජා කිරීමට උත්සාහ කළ ද, භාග්‍යවතුන් වහන්සේ සංඝයාට පූජා කරන ලෙස වදාළ සේක.
එවිට ආනන්ද තෙරණුවෝ, භාග්‍යවතුන් වහන්සේට මෙසේ පැවසූ සේක.
“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මහාප්‍රජාපතී ගෝතමියගේ මේ අලුත් වස්ත්‍ර යුගළ පිළිගන්නා සේක්වා. ඇය ඔබ වහන්සේට බොහෝ උපකාර කළාය. සුළු මව ද වූවාය. කිරි දී හදා වඩා පෝෂණය කළාය. එසේ ම භාග්‍යවතුන් වහන්සේ ද මහාප්‍රජාපතී ගෝතමියට බොහෝ උපකාර කළ සේක. භාග්‍යවතුන් වහන්සේ නිසා ප්‍රජාපතී ගෝතමිය තුනුරුවන් සරණ ගියාය. පන්සිල් රැක්කාය. තුනුරුවන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වූවාය. ආර්යකාන්ත සීලයෙන් යුක්ත වූවාය. චතුරාර්ය සත්‍යයේ ද නිසැක වූවාය”.
“ආනන්දය, එය එසේමය. යම් පුද්ගලයෙකු නිසා තව කෙනෙක් තුනුරුවන් සරණ ගියේ ද, ඒ පුද්ගලයාට කළගුණ දක්වා අවසන් කළ නොහැකි යැයි කියමි. කුමකින් ද යත්; වන්දනා කිරීම, දුටු විට අසුනින් නැගිටීම, දොහොත් මුදුන් දී වැඳීම, උපස්ථාන කිරීම, ගෞරව කිරීම, සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් ආදිය පූජා කිරීමෙනි.
එසේ ම ආනන්දය, යම් පුද්ගලයෙකු නිසා තව කෙනෙක් පස් පවින් වැළකුනේ ද, ඒ පුද්ගලයාට කළගුණ සලකා අවසන් කළ නොහැකි යැයි කියමි. කුමකින් ද යත්; වන්දනා කිරීම, දුටු විට අසුනින් නැගිටීම, දොහොත් මුදුන් දී වැඳීම, උපස්ථාන කිරීම, ගෞරව කිරීම, සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් ආදිය පූජා කිරීමෙනි.
එසේ ම ආනන්දය, යම් පුද්ගලයෙකු නිසා තව කෙනෙක් තුනුරුවන් කෙරෙහි අචල ප්‍රසාදයට පත් වී ද, උත්තමයන් ගරු කරන (ආර්යකාන්ත) සීලයකින් යුක්ත වී ද, මේ පුද්ගලයාට කළගුණ සලකා අවසන් කළ නොහැකි යැයි කියමි. කුමකින් ද යත්; වන්දනා කිරීම, දුටු විට අසුනින් නැගිටීම, දොහොත් මුදුන් දී වැඳීම, උපස්ථාන කිරීම, ගෞරව කිරීම, සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් ආදිය පූජා කිරීමෙනි.
එසේ ම ආනන්දය, යම් පුද්ගලයෙකු නිසා තව කෙනෙක් චතුරාර්ය සත්‍යයේ නිසැක (සෝවාන්) වී ද, ඒ පුද්ගලයාට කළගුණ සලකා අවසන් කළ නොහැකි යැයි කියමි. කුමකින් ද යත්ත වන්දනා කිරීම, දුටු විට අසුනින් නැගිටීම, දොහොත් මුදුන් දී වැඳීම, උපස්ථාන කිරීම, ගෞරව කිරීම, සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් ආදිය පූජා කිරීමෙනි.
ආනන්දය, පෞද්ගලික දාන දාහතරකි. ඒ දාන අතුරින්,
ආනන්දය, සාංඝික දාන හතකි.
ආනන්දය, අනාගත කාලයෙහි බුද්ධ ශාසනය විනාශ කරන්නා වූ, දුස්සීල, පවිටු ස්වභාව ඇති, කහ සිවුරු දරන්නා වූ (කසාවකන්ඨක) කෙනෙක් සිටිති. ඒ දුස්සීලයන් කෙරෙහි ද සංඝයා උදෙසා දන් දෙති. මම එකල්හිත් සඟ සතු දානය අප්‍රමාණ සංඛ්‍යාවකින් කිව නොහැකි අනුසස් ඇතැයි කියමි.
කෙසේ වත් සාංඝික දානයට වඩා පුද්ගලයෙකුට දෙන දානය මහත්ඵල යැයි නොකියමි.
දානය පිරිසිදු වන ක්‍රම හතරකි.
“යමෙක් පහ වූ රාග ඇති ව, දැහැමින් ලැබෙන දෙයින්, පහන් සිත් ඇති ව, මහත් වූ කර්ම ඵල අදහමින් වීතරාගී උතුමන්ට දානයක් දේ නම්, ඒ දානය ඒකාන්තයෙන් ම ආමිස දාන අතුරින් අග්‍ර යැයි කියමි”.