Majjimapatipage.org logo
Majjimapatipage.org logo

සදහම් දේශනා

Sadaham deshana audio
Sadaham deshana video

2023.07.09

දුකෙන් මිදීමට නිවන් දැකීමට කැමති වුවත් අපහසුතා නිසා උපකාර අවශ්‍ය සංඝරත්නයට කරන ආරාධනාවයි.

ගෙෳතම බුද්ධ ශාසනයේ පැවිදි වූ‚ උපසම්පදා වූ‚ සිවිපසය හිඟ බැවින් හෝ වෙනයම් හේතු නිසා‚ බුදු රජාණන් වහන්සේ විසින් පැනවූ දුක නැති කිරීමේ මග වන‚ සීලයෙහි පිහිටා සමථ විදර්ශනා එනම් නිවන් මග වැඩීමට කැමති‚ එහෙත් අවස්ථාවක් නොමැති සියලු භික්ෂූන් වහන්සේලා සහ සාමනේරවරුන් වෙනුවෙනි.

සිල්වත්ව නිවන් මගෙහි හික්මෙන භික්ෂූන් වෙනුවෙන් ඇප කැප වීමට කැමති භික්ෂූන් වහන්සේලා සහ දායක දායිකාවන් ඇත. එබැවින් අවංකවම නිවන් මගෙහි හික්මීමට කැමති සැදැහැති ඹබ හට සිව්පසයෙන් සහ ධර්ම විනයෙන් උපකාර කළ හැකිවෙයි.

ඔබ හට ලබාදෙන සිව්පසය සඳහා කිසිම ආජීවය අපිරිසිදු වීමට හේතු වන දෙයක් හෝ සිල් පද බිඳීමට හේතු වන දේ කිසි විටක සිදු නොවන බවට සහතික වෙමු.

මෙසේ හික්මීමට ඔබ කැමති නම් පහත කොන්දේසි සහ කරුණු වලට එකඟව පැමිණිය යුතු වෙයි.

  1. ගෙෳතම බුදු රජාණන් වහන්සේගේ අවවාදය එනම් ධර්ම විනය හිස් මුදුණින් පිළිගත යුතුය.
  2. බුදු රජාණන් වහන්සේ විසින් පැනවූ ත්‍රිපිටකයේ සඳහන් තමන්ට අදාළ ශික්ෂා පද සියල්ල දිවි හිමියෙන් රැකීමට එකඟ විය යුතුය.
  3. නිවන් මග වන චතුරාර්ය්‍ය සත්‍ය අවබෝධය පිණිස සමථ විදර්ශනා වැඩීම ජීවිතය බවට පත් කර ගත යුතු වෙයි.
  4. නිවන් මගෙහි හික්මීමට තරම් වූ ශාරීරික සහ මානසික යෝග්‍යතාවයකින් යුක්ත විය යුතුයි.
    සිහි කල්පනාව අඩු හෝ ජරා ජීර්ණ බවට පත්වූ භික්ෂූන් වෙනුවෙන් දැනට කිසිවක් කළ නොහැක.
    එහෙත් වැඩසිටින භික්ෂූන් වහන්සේලාට සහ සාමනේරවරුන්ට ඇතිවන ලෙඩ රෝග වලට සහ ජරා ජීර්ණවීම් වලට කළ යුතු සියලු ඇප උපස්ථාන පිරිනිවීම හෝ අපවත්වීම සිදුවන තෙක් සිදු කරනු ඇත.
  5. පැමිණෙන්නන්ගේ නිකාය හෝ වයස ගැන භේද නැත.
  6. පැවිද්ද අහිමි වූ එනම් පාරාජිකා වූ අය නොපැමිණිය යුතු වෙයි. එසේ රවටා පැමිණීම බොහෝ අකුසල් රැස් වීමට හේතු වනු ඇත.
  7. වස්තු දේපළ මිල මුදල් ආදිය සම්පූර්ණයෙන් අත්හැර පැමිණිය යුතුයි. (විශ්‍රාම වැටුප්‚ බැංකු ගිණුම් ආදිය)
  8. රටේ පවතින නීතීන්ට අනුකූලව සිටිය යුතුවේ.
  9. පක්ෂ දේශපාලනය‚ ජාතිවාදය සහ අන්‍ය ආගමිකයන් සමග ගැටුම් ඇති කර ගැනීම නොකළ යුතු වෙයි.
  10. රටේ පවතින නීතිය නිසා බුද්ධ ශාසන අමාත්‍යංශයේ සියලු භික්ෂූන් ලියාපදිංචි වී සිටිය යුතුය. එසේ නොමැති නම් ලියාපදිංචි වීමට කැමති විය යුතුය. ඒ සඳහා උපකාර කළ හැකිය.

තවද දානය කුටි අඩුපාඩු හිඟ බව කියමින් සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍ය වල බොහෝ භික්ෂූන් උපකාර ආධාර ඉල්ලන බව අපද දනිමු. එය භික්ෂු විනයටද නොගැලපෙයි.

භික්ෂුවක් නිස්සය හතරකට (පිණ්ඩපාත දානය/ පාංශුකූල සිවුරු/ රුක්ෂමූල සෙනසුන්/ පූතිමුත්ත භේසජ්ජය) එකඟ වූ බැවින් එසේ ඉල්ලීම නුසුදුසු වෙයි‚ආජීව පාරිසුද්ධිය ද නැති වනු ඇත.

එවැනි පිරිස් ඹබ හට හමුවුවහොත් අපහට යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. මෙය බුද්ධ ශාසනය පිරිහීම වැලැක්වීම සඳහා කරන සත්ක්‍රියාවක් වන බැවින්‚ මෙය හැකි තරම් ප්‍රචාරය කරන මෙන් කාරුණික ව ඉල්ලා සිටිමු. එය මහත් කුසලයක් ද වනු ඇත.

තෙරුවන් සරණයි

පහත දුරකතන අංක මගින් අප හා සම්බන්ධ වන්න.

0706678650, 0763582896, 0761038688